විදුලි සේවකයින් දුන්න සංඥාව ගැන වෘත්තීය සමිති කියයි !

විදුලි සේවකයින් දුන්න සංඥාව ගැන වෘත්තීය සමිති කියයි !

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව ආණ්ඩුවට පෙන්වාදුන් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඊයේ(3) පැවති විරෝධතාවට එක් වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලබන 05 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන බවයි.

මේ අතර,කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයින් ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වූහ.

එම ස්ථාන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා කැපී පෙනුණු බව දැනගන්නට ඇත.

කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටට පැවැති විරෝධතාවයට ලංකා විදුලි සේවක සංගමය, ලංවිම වෘත්තීය සමිති සහ ලංවිම ඉංජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එක්වූ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න