පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල පස්සේ දොරෙන් ගියේ !

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල පස්සේ දොරෙන් ගියේ !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් යොදවා ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ට පහරදීම මේ වන විට දෛනික සිදුවීමක් බවට පත්ව තිබේ.

එහිදී ශ්‍රීලනිප නායක , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව යොදවා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ වන අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා යළිත් ක්‍රියාත්මක විය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී පැවසීය .

මේ මාධ්‍ය හමුව පවත්වා තිබුණේ පොදුජන පෙරමුණට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික මහා සමුළුව පිළිබඳව හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පොළොන්නරුව බැඳිවැව පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. පක්ෂය 2016 වර්ෂයේ බිහි කරලා නෙළුම් පොහොට්ටුව ලකුණ ලබා ගෙන පළවන පළාත් පාලන මැතිවරණයට 2018 වර්ෂයෙදී මුහුණ දුන්නා. එහිදී පක්ෂය හඳලා අවුරුදු 02 කට අඩු කාලයක් තුළ දී සියළුම පක්ෂ පරාජය කරලා පළාත් පාලන ආයතන අති විශාල සංඛ්‍යාවක ජයග්‍රහණය ලබා ගනිමින් පොදු ජන පෙරමුණ පක්ෂයට ජය ලබා ගැනීමට හැකි වුණා. එහිදී විධායක ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කය පොදු ජන පෙරමුණ හැටියට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.

ඉන්පසු ජනාධිපතිවරණයේදී සුවිශේෂ ජන වරමක් සමඟ ගොඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවනු ලැබුවා. මහ මැතිවරණයේදී කොවිඩ් අර්බුදය මැද වුවත් සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායන මහතාගේ මතය නැවත ප්‍රතික්ෂේප කොට 2/3 වරමින් ආණ්ඩුවක් ගෙන යන්න අපිට බලය ලබා දුන්නා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න