මලික් හා කබීර් ඉවත් කරන්නැයි රනිල්ට බලපෑම් !

මලික් හා කබීර් ඉවත් කරන්නැයි රනිල්ට බලපෑම් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් වහාම ඉවත් කරන්නැයි එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව 'සිරිකෝත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එජාප මන්ත්‍රීවරුන් තනි තනිව හා කිහිපදෙනා වශයෙන් කැඳවා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳවත් පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳවත් කල විමසීම් වලදී අගමැතිවරයා විසින් තනතුරු සඳහා නම් කල ඇමතිවරුන් කිහිප දෙනෙකුට බරපතල විවේචන එල්ලවී ඇත.

ස්වාමිනාදන්, තිලක් මාරපන හා මලික් සමරවික්‍රම එසේ දැඩි ලෙස මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්වුවෝ වෙති.

එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත්වීමෙන් පසු එම තනතුරට පත්වූ කබීර් හෂීම් මහතාගෙන් 'සිරිකොත' හරහා පක්ෂයට හෝ පාක්ෂිකයින්ට නිසි සේවයක් ඉටුවී නොමැති බවටද චෝදනා එල්ලවී ඇත.

පක්ෂයේ සභාපති හා ලේකම් යන තනතුරු සඳහා අමාත්‍යවරුන් නොවන පුර්ණ කාලිකයින් දෙදෙනෙකු පත් කරන්නැයි එම පසුපෙළ මන්ත්‍රීවරුන් තවදුරටත් එජාප නායකයාගෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න