ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර ඇත.
ඒ අද දිනයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු 7 කට එරෙහිව පැවති නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටි නිසාය.
එසේම ඒ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
මොවුන්ට එරෙහිව අධිකරණයේ ගොනුකර ඇති නඩුව වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් මෙරටා සංචාරයක නිරත වන විට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වීම සම්බන්ධවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
