විශ්වාසභංගයට අත්සන් කලොත් සුසිල් දොට්ට !

විශ්වාසභංගයට අත්සන් කලොත් සුසිල් දොට්ට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමතිවරයකු අත්සන් කළහොත් වහාම ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එන විශ්වාසභංග යෝජනා ලියවිල්ලට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දිනයේ අත්සන් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවීමත් සමග එජාපය එම තීරණය ගෙන තිබෙන බව පැවසේ.

විශ්වාසභංග යෝජනාවට සහයදීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළහොත්, එම යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කර එය විශ්වාසය පලකිරීමේ යෝජනාවක් බවට හරවා ගනිමින්, එජාප තනි ආණ්ඩුවක් ස්ථාපිත කල යුතු බවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට යෝජනා කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අද නොවේ හෙට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව හෙට (20දා) සවස හෝ අනිද්දා (21දා) කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

විශ්වාසභංගය සඳහා ඊයේ (18දා) වනවිට 30 දෙනකු පමණ අත්සන් කර තිබෙන බවත් අද (19දා) සහ හෙට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, එක්‌සත් ජාතික පක්‍ෂයේත් පිරිසක්‌ විශ්වාසභංගයට අත්සන් කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 30 දෙනකු පමණ විශ්වාසභංගයට අත්සන් කිරීමට එකඟතාව පළකර තිබෙන බවත් එම පිරිස සමඟ එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිසක්‌ද අත්සන් කිරීමෙන් පසු විශ්වාසභංගය භාරදෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

එජාපයේ කිසිවකු අත්සන් කර නැහැ :

කෙසේවුවද, 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවන පරිදි එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයකු මෙතෙක් මෙම ලේඛනයට අත්සන් තබා නොමැත.

ඊට අත්සන් තබන බවට වාර්තාවූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද ඊයේ අගමැතිවරයා හමුවේ තමා එවැනි පාවාදීමක් නොකරන බවට සහතිකවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න