ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව වරෙන්තු ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට භාරදෙන ලෙස සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශයෙන් නිල ඉල්ලීමක් සිදුකරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වෙයි.
අනයෝන්‍ය නීතිමය සහයෝගිතාව මත මෙම ඉල්ලීම සිදුකිරීමට නියමිත අතර ඊට අනුව සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදුකරන්නට නියමිත වන්නේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයයි.
කෙසේ වුවත් මේ පිළිබඳ අප කළ කරුණු විමසීමකදී ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ විද්වතෙකු සඳහන් කර සිටියේ රජයක් විසින් නිල ඉල්ලීමක් කළ පමණින් සිංගප්පූරු වැසියෙකු එරට විසින් අත්අඩංගුවට ගෙන වෙනත් රටකට භාරදෙනු ඇති බවට තැබිය හැක්කේ සීමිත විශ්වාසයක් බවය.
එසේම අදාළ තැනැත්තාට එහිදී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පවා අවස්ථාව ඇති බවත් අදාළ ඉල්ලීම නෛතික වරදකට වඩා දේශපාලන පළිගැනීමක් බවට තහවුරු වුවහොත් අදාළ ඉල්ලීම සිංගප්පූරු බලධාරීන් නොතකා හැරීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කරයි.

