නිමල්කා සහ සුදර්ශනවත් අන්දවා : සිවිල් සංවිධාන මඩින්න හොර රහස් කැබිනට් පත්‍රිකාවක්

නිමල්කා සහ සුදර්ශනවත් අන්දවා : සිවිල් සංවිධාන මඩින්න හොර රහස් කැබිනට් පත්‍රිකාවක්

1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් හරහා උත්සහ දරමින් සිටින බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට පසුගිය දා හොර රහසේ කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති ‘සමාජ සේවා පනත‘ සංශෝධනය සදහා වන කෙටුම්පත ‘සිවිල් සංවිධාන රාජ්‍යයේ අවශ්‍යතාව මත මෙහෙයවීම සදහා ද, රජය විවේචනය කරන සංවිධාන මර්ධනය සදහා ද සැකසූ මර්ධනාකාරී ලියවිල්ලකි.

පාලක අවශ්‍යතා ඉටු නොකරන සංවිධාන අකර්මණ්‍ය කිරීමේ උත්සාහයක්

එසේම යෝජිත සංශෝධන මගින් ස්වේච්ජා සමාජ සේවා සංවිධාන පනතේ මුලික ව්‍යුහය හා ව්‍යවහාරයන් සම්පූර්ණයෙන්ම අත්තනෝමතික වෙනසකට ලක් කොට ඇති බවත් ජනපති, අගමැති, අමාත්‍යවරුන් ගේ අවශ්‍යතාවන් ඉටු නොකරන සිවිල් සංවිධාන අකර්මන්‍ය කිරීම මෙම පනත් සංශෝධනයේ සැලසුම වී ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

"යම් පනතකට සංශෝධනයක් ඉදිරිපත් වන්නේ නම් එහි මුලික හරය විනාශ නොවිය යුතු නමුත්, යෝජිත සංශෝධන මගින් රජයේ අනුග්‍ර‍හයක් නොමැති කිසිදු සංවිධානයකට සිය කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය වේ. කිසිදු ව්‍යවස්ථාමය හෝ නෛතික පදනමක් නොමැති ‘රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය‘ ට නෛතික පදනමක් ලබා දී, අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු හරහා සිවිල් සංවිධාන පාලනය කිරීමට රජයට අවස්ථාව ලැබේ.

නිමල්කා සහ සුදර්ශනවත් අන්දලා !

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් එක් දේශපාලන පක්ෂයකට හිතවත් නාමික සිවිල් සංවිධාන කිහිපයක් හා එක්ව මෙම මර්ධනකාරී පනත් සංශෝධනය සකස් කොට ඇත. ‘රාජ්‍ය නොවන සංවිධාන උපදේශක කමිටු සාමජිකයින් ලෙස කටයුතු කළ නිමල්කා ප්‍ර‍නාන්දු, සුදර්ශන ගුණවර්ධන, වෛද්‍යා වින්යා ආරියරත්න විසින් ඉදිරිපත් කළ කමිටු යෝජනාවන්ට සම්පූර්ණයෙන්ම පරිබාහිරව මෙම සංශෝධනය සැකසී ඇත. අවම වශයෙන් උපදේශන කමිටුව සමග සම්බන්ධ වූ සිවිල් සංවිධාන කිසිවක් සමග හෝ නව සංශෝධිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවක් හෝ පවත්වා නැත. ඒ අනුව, ‘රජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ක්‍ර‍ම විරෝධී හා ව්‍යවහාර විරෝධී ප්‍රවේශයකින් කටයුතු කර ඇති බව පැහැදිලිය.

ගමේ මරණාධාර සමිතියේ සිට විවිධ සමාජ ස්ථර හා පුද්ගලයින්ගේ එකමුතු, සමාගම් හා සංගම්, සංස්ථා ලෙස ක්‍රියාත්මක වන සංවිධාන ‘වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘සිවිල් සංවිධාන‘ ලෙස පැවතිය යුතු අතර, කුමන ලෙසකින් හෝ රජයේ අතකොළු බවට පත් නොවිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න