ලයිෂන් සහිතව ගංජා වවන්න ආණ්ඩුව සුදානම් !

ලයිෂන් සහිතව ගංජා වවන්න ආණ්ඩුව සුදානම් !

යුරෝපයේ ඇතුළු ලොව පුරා රටවල් රැසක විශාල ඉල්ලුමක් පවතින බැවින් කංසා වගාකිරීම පිළිබඳ තම අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ විවෘත කිරීමේ අවස්ථාවට එක්ව්මින් ය.

ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතය වන බවත් කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අපේ රටේ ජනතාව කංසා ඖෂධයක් ලෙස භාවිත කළා. ඇතැම් අය එය පානය කළා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම සමග කංසා වගා කිරීම තහනම් කළා. එම නීති රීති තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. නමුත් කංසා සදහා විශාල ඉල්ලූමක් පවතිනවා. ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.”

“ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව ද පවතිනවා. දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඔසු උයන් ද වගා කරනවා. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පුරා ඉඩම් අක්කර 1000 ක පමණ ආයුර්වේද ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් ස්වයං රැකියා ද තරුණ තරුණියන්ට ලැබෙනවා.

කෝමාරිකා වගා කිරීම ද මේ අතර සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. කෝමාරිකා අස්වනු නෙළීමට ගත වන්නේ මාස 06 ක කාලයක්. එමගින් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. 2017 වසරේ දී ලෝකයේ ආයුර්වේද ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් අලෙවි කර තිබෙනවා. එය වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න