හදිසි නීති තත්ත්තවය ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
17 වනදා සන්ධ්‍යාවේ මෙම ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තැබීම සිදුකර ඇති අතර එය ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවද වාර්තා වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ජාතිවාදී නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 06 වැනිදා මෙරටට හදිසි නීතිය පනවනු ලැබූ අතර ව්‍යවස්ථානුකූලව එය දින 10 කට පමණක් වලංගු විය.
ඒ අනුව පසුගිය 16 වනදායින් එම කාලය අවසන් වූ අතර අදාළ ප්‍රදේශයේ මෙන්ම දිවයින පුරා මේ වන විට සාමකාමී තත්ත්වයක් පවතින බැවින් හදිසි නීති තත්ත්වය අනවශ්‍ය බව සලකා මේ තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
