යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හා ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා ඇත්තේ, එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම වගඋත්තරකරුවන් අතරට නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගමද ඇතුළත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
