පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකර ඇත.
ඊයේ (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී ඇති අතර හැකි ඉක්මණින් පළාත් සභා මැතීවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම්දීමේ තීන්දුව ගෙන ඇත්තේ එහිදිය.
එසේම එදින මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේ බව පැවසීය.
එසේම ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමටත් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කොට ඇත.
ඒ අනුව වහාම හිස්ව පවතින ආසන සංවිධායක ධූර පිරවීමටද පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
