යුරෝපයේ විරෝධතා රැල්ල දිගටම !

යුරෝපයේ විරෝධතා රැල්ල දිගටම !

අගමැති මහින්දගේ ඉතාලි සංචාරයට විරෝධය පළකරමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ඇරඹි ' පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම හා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකරණු' යන සටන් පාඨය යටතේ විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින් පක්ෂ,පාට,ජාති ආගම් භේදයකින් තොරව එක් අතකින් කලු කොඩියත් අනිත් අතින් ජාතික ධජයත් රැගෙන ආරම්භ කළ , ඒ, උද්ඝෝෂණ රැල්ල මේ වනවිට ඉතාලිය, ප්‍රංශය ,අමෙරිකාව ,ස්විස්ටර්ලන්තය දක්වා අති දැවැන්ත රැල්ලක් ලෙසින් නිර්මාණය වෙමින් පවතී…..

ලන්ඩන් නුවරත් උද්ඝෝෂණයට දින වෙන්කරයි….!

එළැඹෙන ඔක්තෝබර් 16වන දින ලංඩන් පාර්ලිමේන්තු සංකීර්ණ භූමිය ඉදිරිපිට ලන්ඩන් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයින්  මෙන්‍ම ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය හා ඔස්ට්‍රියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන් ජාතික ධජය සෙවනේ කලු කොඩි සහිතව එක් වන්නේ ආණ්ඩුවට දේශපාලනික සුනාමියක් වන ප්‍රධාන උද්ඝෝෂණ පාඨ 8ක් සමගය.

පාස්කු මහමොළකරු හෙළිකරනු. මානව හිමිකම් උල්ලංඝනය නවතනු. නීතියේ ස්වාධිපත්‍යය ස්ථාවර කරණු. රට මංකොල්ල කෑම නවතනු. රාජ්‍ය, හමුදාකරණය කිරීම නවතනු. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරණු. උතුරේ සහ දකුණේ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරණු. රාජ්‍ය යාන්ත්‍රණය පවුල් වාදයෙන් මුදවනු.

මෙලෙස දැවැන්ත ජන සහභාගීත්වයකින් පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය වරුන්,නීතිවේදීන්,ලේඛකයින්,මාධ්‍යවේදීන්,ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධරයින්,ඉංජිනේරුවන් ඇතුලු විවිධ වෘත්තීයවේදීන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත…

ලන්ඩන් නුවර 16වන දා මිලානෝ නුවර 10වන දා….

ලන්ඩන් නුවර ඔක්තෝබර් 16වන දින දැවැන්ත උද්ඝෝෂණයට දින වෙන් වෙද්දී, ඔක්තෝබර් 10වන දින මිලානෝ නුවර සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් විසින් බොලොඤ්ඤා නුවර උණුසුම් කළ ආකාරයටම ජාති,ආගම්,පාට පක්ෂ භේදයකින් තොරව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල සුනාමියක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත…

මෙලෙස සියළු ආගම්,ජාති,පක්ෂ පාට වලින් බෙදීසිටි විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව එක් වී සිටින ප්‍රධානතම අරමුණ ලෙස ' පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකොට පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම' යන පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් බව මතුවී ඇති ආණ්ඩු විරෝධී රැල්ල තුළ නිරීක්ෂණය කළ හැක..

IMG 20211008 WA0004

IMG 20211008 WA0005

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න