වත්මන් ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණත් පසුගිය රජය සමයේ සිදුවූ ආකාරයේ පැහැරගැනීම් හා මනුෂ්‍ය ඝාතන කිසිවක් සිදුනොවන බවත් ඒ පිළිබඳ ජනතාව අමතක කිරීම කණගාටුවට කරුණක් බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හලාවත මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති 11 කට මුල්ගල් තැබීම සහ විවෘත කිරීම සඳහා සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනතාවට සහන සලසමින් රජය ගමනක් යමින් සිටින බවත් එසේම 2015 ජනවාරි පොරොන්දු ඉටුකරමින් පසුගිය රජය සමයේ සිදු වූ වංචා දුෂණ හා මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා ද කටයුතු කරමින් සිටින බවය.
එසේම එම කටයුත්ත වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ තමන්ද සාමාජිකයෙක් වන බවත් එම ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී පසුගිය රජයේ සහ වත්මන් රජයේ වෙනස පැහැදිළි වන බව පැවසූ අමාත්‍යවරයා පොල් ගෙඩියේ සහ සහල් මිල පමණක් ගැන නොසිතා කටයුතු කලයුතු බවද පැවසීය.
පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය. “වර්තමානයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ. මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. එම මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලිකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදී තිබෙනවා. රෝහලක ඖෂධ හිගයක් පවතින්නේ නම් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ දුර්වලකමක්. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබු හදිසි අනතුරු සේවාව මේ වනවිට රෝහල් 120 ක ක්‍රියාත්මක වෙනවා. තවත් එවැනි ඒකක 20 ක් පමණ ඉදිකරනවා. රුධිර පාරවිලයන මධ්‍යස්ථාන රෝහල් 142 ක ස්ථාපිත කර තිබෙනවා. සියලුම රෝහල් වසර 2020 වනවිට ඊ-හෙල්ත් ව්‍යාපෘතියට අනුගත කිරීමටයි මා සැළසුම් කර ඇත්තේ. 2016 වසරේ දී රෝහල් 50 ක් ද 2017 වසරේ දී රෝහල් 150 ක් ද ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කර තිබෙනවා. 2018 වසරේ දී රෝහල් 300 ක ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඉදිරි අනාගතයේ දී ඊ-හෙල්ත් කාඩ්පත සෑම පුරවැසියෙකුටම ලබාදීමට අපි සැළසුම් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වාර්තා එම කාඩ්පතේ ඇතුලත්වීම නිසා කඩිනමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලැබෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් ආයතනය අගය කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දිනය මෙවර පවත්වන්නේ ශ්‍රී ලංකාවෙයි. ඒ අප්‍රේල් මස 07 දායි.”

