රනිල්ට එරෙහි විස්වාසභංග යෝජනාවට මෛත්‍රී පාර්ශවයේ දෙවැනි අත්සන සුසිල්ගෙන්

රනිල්ට එරෙහි විස්වාසභංග යෝජනාවට මෛත්‍රී පාර්ශවයේ දෙවැනි අත්සන සුසිල්ගෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ දෙවැනි අත්සන තැබීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සුදානම් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

තවත් ‍ජ්‍යෙෂ්ඨ පිරිසක් පෑන අතේ තියාගෙන සුදානමින්

ඊට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරන තවත් ජේෂ්ට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විශ්වාසභංගය සඳහා සහය ලබාදීමට අපේක්ෂාවෙන් පසුවන නමුත් විශ්වාසභංගයට පක්ෂයක් ලෙස පොදුවේ සහය පලකිරීමේ සුදානමක් තවමත් නොමැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

චන්ද්‍රිකා පාර්ශවය රනිල්ට පක්ෂව : අවසන් තීන්දුව ජනාධිපති අතේ

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිපය තුළ තවත් පාර්ශවයක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන බවත් එය ජයග්‍රහණයට සහයදීම තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ තම පාර්ශවයට බරපතල දේශපාලන අවධානමකට පත්වන බවට අදහසක් සහිතව කටයුතු කිරීම මත විශ්වාසභංගය සම්බන්ධව තවමත් පොදු එකඟතාවකට ඒමට නොහැකිවීමට හේතුවී ඇත.

එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දේශපාලන උපදෙස් අනුව කටයුතු කරන ශ්‍රීලනිප පාර්ශවයද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය නොදිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවත් කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ශ්‍රීලනිපය අවසන් තීන්දුව ගනු ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න