ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්වූ අතර පාහියන්ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ශිරාන් දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙනි.

පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල)  ශිරාන් දැරණියගල මහතාගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.

ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන ලැබූ ශිරාන් දැරණියගල මහතා වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්න්‍ධයෙන් කේම්බි්‍රජ් විශ්ව=විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව සම්බන්‍ධයෙන් ගෞරව පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇත.

1968 දී කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්විය. බුලත්සිංහල පාහියන්ලෙන ආශ්‍රිව පුරාවිද්‍යා කැණීම් 1968 දී මුල්වරට ආරම්භ වන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙනි. ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයන් පාහියන්ගලින් සොයාගන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසිනි.

අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රීතව පුරාවිද්‍යා කැණීම් 1969 දී මුලින් ම ආරම්භ කරන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදෙස් අනුවය.

වසර එක් ලක්‍ෂ තිස් දහසකට පෙර ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ‘ඉරණමඩු පාංශු සංගතිය’ සම්බන්‍ධයෙන් ශිරාන් දැරණියගල මහතා කළ ගවේෂණය ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්වවිද්‍යාලය මගින් 1988දී ආචාර්ය උපාධියක් පිරිනැමීය. 1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතායි. 

ශ්‍රීලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල මහතාටය.

ශ්‍රීලංකාවේ පැරණිම මානවයා විසු බවට පුරා විද්‍යා සාධක සොයාගත් කුරුවිට ඓතිහාසික බටදොඹ ලෙනට කිලෝමීටර් දෙකක පමණ දුරකින් ආදාර්ය ශිරාන් දැරණියගල මහතා ජීවත්ව ඓතිහාසික එක්නැළිගොඩ වලව්ව පිහිටා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න