ලසන්තගේ නඩුව හේග් නුවර ඇසීමට සූදානම් !

ලසන්තගේ නඩුව හේග් නුවර ඇසීමට සූදානම් !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් අදාල රාජ්‍යයන්ට එරෙහිව නඩු පැවරීමට මහජන අධිකරණයක් පිහිටුවා ගත් බව මාධ්‍යවේදීන් ආරක්‍ෂක කමිටුව (CPJ) වාර්තා කරයි.

එම මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කණ්ඩායම් තුනක් කටයුතු කර තිබේ.

මෙම අධිකරණය, බිම් මට්ටමේ යුක්තිය සදහා වූ යාන්ත්‍රණයක් වන අතර එය රටවල් තුනක නිශ්චිත නඩු සම්බන්ධ විමර්ශන සහ උසස් තත්ත්වයේ නීති විශ්ලේෂණයන් මත රඳා පවතී. මෙහි පළමු වන විවෘත විභාගය නොවැම්බර් 2 දා හේග් නුවර දී පැවැත්වෙන බව වාර්තාව වැඩිදුරටත් පවසයි.

ලොව පුරා මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතී. 1992 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 1400 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, මාධ්‍යවේදියෙකු ඝාතනය වූ අවස්ථා දහයෙන් අටෙන් අටක් තුළ දී මිනීමරුවන් නිදැල්ලේ පසුවේ.

දිගින් දිගටම මේ සිද්ධි සදහා විනිර්මුක්තියක් පැවතීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් පවත්වා ගෙන යන අතර එය ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් වේ.

ඒ අනුව යුක්තිය ලබා ගැනීම උදෙසා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නිදහස සංවිධාන වන ෆ්‍රී ප්‍රෙස් ලිමිටඩ්, දේශසීමා නැති වාර්තාකරුවන් සහ මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව මෙම මාධ්‍යවේදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් කැඳවන ලෙස ස්ථිර මහජන විනිශ්චය සභාවෙන් ඉල්ලා සිටියහ.

ලසන්ත වික්‍රමතුංග, මිගෙල් ඇන්ගල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වූ බවට මහජන අධිකරණය විසින් ශ්‍රී ලංකාව, මෙක්සිකෝව සහ සිරියාව යන රජයන්ට චෝදනා කරනු ඇත.

විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙනා බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ශෝස් QC හි බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

පළමු නඩු විභාගය 2021 නොවැම්බර් 2, අඟහරුවාදා, හේග්හිදී, මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් සම්බන්ද වී මේ සදහා සහභාගී විය හැකිය, නැතහොත් සජීවීව saferworldforthetruth.com හරහා නැරඹිය හැක.

ahimsa w

(theleader. lk )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න