කිතුණු දේවස්ථාන ප්‍රහාර පුවත ගැන කළබල වෙන්න එපා..!

කිතුණු දේවස්ථාන ප්‍රහාර පුවත ගැන කළබල වෙන්න එපා..!

ජාඇල , බෝපිටිය ශා.නිකොලා දේවස්ථානයට ලැබුණු , ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 10.05 පමණ , අදාළ දේවස්ථානය වෙත පැමිණි නිළ ඇඳුමෙන් සැදුම්ලත් නාවුක හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් , එම අවස්ථාවේ මීසම් පාලක පියතුමා දේවස්ථානයේ නොසිටි බැවින්, එහි සේවිකාවකට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ගැන හෙළිකර තිබුණි. එම කරුණු පහත පහත පරිදිය.

I - යලිත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවත්,

II - නාඳුනන කිසිවෙකු දෙවස්ථානයට ඇතුළත් කර නොගන්නා ලෙසත්,

III - පියතුමන්ලා ලෙස "සුදු ලෝගු" ඇඳගෙන , බෝම්බකරුවන් පැමිණිය හැකි බවත්,

IV - අනෙකුත් දේවස්ථානත් දැනුවත් කළ යුතු බැවින්, පියතුමා පැමිණෙන තුරු රැඳී සිටිය නොහැකි බව කියමින් එකී නාවික හමුදා නිලධාරීන් පිටව ගොස් ඇත…

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු විශ්ලේෂණය හෝ තහවුරු කරගත් තොරතුරක් නොවෙයි…!

නමුත් වත්මන් ආරක්ෂක ලේඛම් ජනරාල් කමල් ගුණරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එකී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ තොරතුර විශ්ලේෂණයකින් හෝ තහවුරු කර ගැනීමකින් තොරව කළ දැනුම් දීමක් බැවින් අනවශ්‍ය කළබලයක් ඇතිකරගත යුතු නොවන බවයි.

ත්‍රස්ත ප්‍රහාර ගැන වගකීම් විරහිතව මෙසේ ප්‍රකාශ කළ හැකිද?

මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනාත්මක කථිකාවතක් මෙන්ම විදෙස්ගත සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික පිරිස්, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙලිකොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වහාම සාධාරණය ඉෂ්ඨ කරන ලෙස උද්ඝෝෂණ කරන අල්ලපනල්ලේ මෙසේ කිතුණු සමාජය තුළ නැවතත් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ තහවුරු නොකළ පුවත් පැමිණීම ප්‍රශ්න සහගතය. ® වගකිවයුතු ආරක්ෂක අංශ නිලධාරීන් හට විශ්ලේෂණයකින් තහවුරුවකින් තොරව මෙසේ තොරතුරු සමාජගත කළ හැකිද?

® එම තොරතුරු නිසාවෙන් කිතුණු සමාජය තුළ සමාජීය කැළඹීමක් ඇතිවී නම් ඒ පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද..?

® එසේ වගකීම් විරහිතව, රාජ්‍ය බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමේ වගකීම භාරගන්නේ කවුරුන්ද? එකී නිලධාරියාට එකී තොරතුර ලභා දෙන්නේ කවුරුන් විසින්ද?

® පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලොව පුරා විශාල හඬක් නැගෙද්දී, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු "අල්ලා දෙවියන්" බව, ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවට පැමිණ බොදු බලසේනා සංවිධානයේ නිර්මාතෘ ගලබොඩ අත්තේ ඟාණසාර හිමි කරන ප්‍රකාශයත්, ඉදිරියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයත් අතර මෙකී අණතුරු ඇඟවීමට යම් සම්බන්ධයක් තිබේද?

මෙසේ වගකීම් විරහිත ප්‍රකාශයන් හා එකී ප්‍රකාශ තුළින් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටලු වලට මාධ්‍ය නිවේදනයක් මගින් සිදුකරන ප්‍රකාශයක් පමණක්ම සෑහේද යන්න අදාල බලධාරීන්ගේ මෙන්ම සබුද්ධික පුරවැසියන්ගේද විශේෂ අවධානයට යොමුවිය යුතු කරුණකි..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න