විමල්ලාගේ විරෝධය නොතකයි : මහ රෑ අත්සනින් යුගදනවිය ඇමරිකාවට !

විමල්ලාගේ විරෝධය නොතකයි : මහ රෑ අත්සනින්  යුගදනවිය ඇමරිකාවට !

කැබිනට් අනුමැතිය පවා නිසිලෙස නොගෙන, පසුගිය සැප්තැම්බර් 17 වනදා රාත්‍රියේ ගිවිසුම් අත්සන් කරනු ලැබූ, කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ, මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම්, එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පවරා ඇති බව වාර්තා වෙයි.

ඒ ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලකටය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු නියෝජිතයන් 17 වනදා රාත්‍රියේ ගිවිසුම අත්සන් කර, 18 වෙනිදා මෙරටින් පිටත්වගොස් ඇත.

, පසුගිය සඳුදා සුම් තාක්ෂනය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ගවශයෙන් සාකච්ජා කර ඇති අතර ඒ මෙම ගිවිසුමේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විරෝධතා දක්වා තිබූ නිසයි.

එහිදී විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විශේෂයි.

ඒ, ඊට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයින් වෙත වෙන් වෙන් වශයෙන් ලිඛිතව මේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර තිබු නිසයි.

ඒ අනුව කැබිනට් නිර්දේශය වී ඇත්තේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව තවදුරටත් හැදෑරීමටයි.

එසේම යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව, ඔවුන්ව වෙනම කැඳවා දැනුවත් කිරීමටද, මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර ඇති බවත්, වාර්තා වෙයි.

සැප්තැම්බර් 17 වනදා , දහවල් විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යංශයට කැඳවා යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත්තේ ඒ අනුවයි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා සහ, රජයේ නිලධාරීන් විසින් සිදුකල පැහැදිලි කිරීම් හමුවේ, අමාත්‍යවරුන් තිදෙනාද තමන්ගේ ස්ථාවරය සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් හමුවේ, මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇමතිවරුන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් අදාල ගිවිසුම යලි සංශෝධනය කරන බවයි.

නමුත් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ යෝජනාවලට ඇමරිකානු නියෝජිතයින් එකහෙලා විරෝධය පපලකළ බවත් එනිසා කිසිඳු සංශෝධනයකින් තොරව අදාල ගිවිසුම සැප්තැම්බර් 17 වනදා , රාත්‍රී 12.06 ට අත්සන කළ බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න