කිරිපිටි මිල 200 කින් ඉහළට ?

කිරිපිටි මිල 200 කින් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය එකඟ වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර එහිදී මිල ඉහළ දැමීමේ එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවේදී කිරිපිටි කිලෝ එකක් සඳහා රුපියල් 350 ක මිල වැඩි කිරීමක් ආනයනකරුවන් විසින් ඉල්ලා තිබෙන අතර, කෙසේ නමුත් අමාත්‍යවරයා පවසා තිබෙන්නේ රුපියල් 200 ක මිල ඉහළ දැමීමක් පමණක් ලබාදිය හැකි බවයි.

ඒ සඳහා ආනයනකරුවන්ගේ එකඟතාවයද හිමිව ඇත.

ඒ අනුව දැනට වෙළඳපොලේ රුපියල් 945 කට අලෙවි වන කිලෝග්‍රෑම් 01 කිරිපිටි පැකට්ටුවක මිල 1145 ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 380 සිට 458 දක්වා ඉහළ යනු ඇත.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 203 ක් ලෙස නියම කර ඇති නමුත් ඩොලරයක් සඳහා රුපියල් 238 ක් ගෙවීමට ආනයකරුවන්ට සිදුව ඇති බවයි.

ඒ අනුව රුපියල් 200 ක මි වැඩිවීමක් ලබාදීමෙන් පසුවද සැලකිය යුතු පාඩුවක් විඳිමින් කිරිපිටි ආනයනය කිරීමට සිදුවන බව වැඩිදුරටත් ඔවුනු පවසා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න