ලොහාන්ගේ සිද්ධියට : ගොඩහේවා ඇයි මහින්දට ගැහුවේ ?

ලොහාන්ගේ සිද්ධියට : ගොඩහේවා ඇයි මහින්දට ගැහුවේ ?

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම පිළිබඳව තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන, ආචාර්ය නාලක ගොඩහේවා තැබූ සටහනක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයකට පත්ව ඇත.

ඒ එකී සටහන හරහා සෘජුවම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ පැවති ජනාධිපති පාලන සමයේ සිදුවීමක් විවේචනය කර ඇති නිසාය.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසා ඇත්තේ ,

වසර කිහිපයකට පෙර රූපවාහිනි මධ්‍යස්ථානයකට දේශපාලනඥයෙක් කඩා වැටුණු විට එවක රජය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

නමුත් වර්තමාන රජය කාලයේ පිළිගත නොහැකියි සිදුවීම් වූ විට වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වන බවත් කිසිවකුට ඉහළින් නීතිය සිටින බවක් නොදැනෙන බවත් ය.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

nalaka t

කෙසේ වුවත් මේ වනවිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිහිපත් කරමින් ඉන්නේ, දේශපාලනඥයකු රූපවාහිනී ආයතනයකට කඩාවැදීමේ සිදුවීම සමයේ රාජ්‍ය නායකයා මෙන්ම ජනාධිපති වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ බවයි.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූයේ , වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවත් ඔවුන් සිහිපත් කරයි. සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයා වූයේ එවකට අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා ය.

පසුගිය දිනවල ඇවිදින මංතීරුවක් නිරීක්ෂණයට යාමක් සම්බන්ධයෙන් පලකළ ජායාරූප කිහිපයක් නිසාද රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යකට ලක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න