හිටපු ලේකම් : දකුණු පළාත් ආණ්ඩුකාර විලීගේ කෑලිත් ගලවගෙන ගිහින් !

හිටපු ලේකම් : දකුණු පළාත් ආණ්ඩුකාර විලීගේ කෑලිත් ගලවගෙන ගිහින් !

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ පුද්ගලයා ආණ්ඩුකාරවරයාගේ බලය තවමත් අනිසි ලෙස භාවිතා කරමින් වාහන අවිභාවිතයක නියැලෙන බව දකුණු පළාත් සභා ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම සිදුවීම් හෙළිදරව් වී ඇත්තේ පසුගිය දිනක සිදු කරන ලද විගණන විමසුම්ක දී බව දැනගන්නට ඇත.

මෙයට මාස කීපයකට පෙර මෙම ලේකම්වරයා සූර්යබල විදුලි ව්‍යාපෘතියක් සඳහා එක්තරා ආයතනයකින් අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙළිදරව් වීම නිසා ආණ්ඩුකාරවරයා ඔහු එම තනතුරින් පහ කර තිබේ.

නමුත් ඔහු එම තනතුරෙන් යන අවස්ථාවේ දී දකුණු පළාත් සභාවට අයත් SP KR 3036 සුදු පාට ප්‍රාඩෝ රථය පළාත් සභාවේ කිසිවෙකුටත් නොදන්වා ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනිමින් පවතින බව වාර්තා වෙයි.

ඔහුගේ මෙම දූෂිත ක්‍රියා පිළිවෙත් යට ගසමින් ආණ්ඩුවේ සියලු තොරතුරු වෙනත් කණ්ඩායම් වලට දෙමින් කටයුතු කරන්නේ අන්ත දූෂිත නිලධාරිනියක ලෙස ප්‍රකට ආණ්ඩුකාර කාර්යාල ලේකම්වරියක බවත් දැන්ගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම දූෂිත ලේකම්වරයා තවදුරටත් වැවිලි අමාත්‍යාංශයට අයත් වතු සමාගමක ඉහළ තනතුරක කටයුතු කරන බව සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න