කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල යන අය සහභාගී වූහ.
එම භාණ්ඩ භාරගැනීම සඳහා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වූ අතර සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ද ඊට එක්විය.
ඉදිරි දිනවලදී රට පුරා පිහිටි කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන අනෙකුත් රෝහල්වෙතද මෙම භාණ්ඩ ලබා දීමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
