Image

"දරුවන් තේරුම් ගන්න නම් ඔවුන්ගේ පැත්තෙන් හිතන්න" – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

"දරුවන් තේරුම් ගන්න නම් ඔවුන්ගේ පැත්තෙන් හිතන්න" – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

දරුවන් තේරුම් ගැනීමට නම් දරුවන්ගේ මානසික මට්ටමින් හිතන්න පුරුදු විය යුතු බවත්, දරුවන් සහ වැඩිහිටියන් අතර පරතරය අවම කර ගැනීමට දරුවන් සහ වැඩිහිටියන් අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමය ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවය අමතමින් අද (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

"දරුවන් තමයි අපේ ලෝකය. ඒ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නයි අපි ඔවුන් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම ඉටු කරන්න කටයුතු කරන්නේ.

දෙමාපියන් විදිහට වැඩිහිටියන් විදිහට අපිට තියෙන විශාල අභියෝගයක් තමයි දරුවන් සහ වැඩිහිටියන් අතර පවතින පරතරය අවම කර ගැනීම. වර්තමාන දරුවන් අපිට වඩා තාක්ෂණය පිළිබඳ දැනුමෙන් ඉතා ඉහළයි. ඒ නිසා වැඩිහිටියන් සහ දරුවන් සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගනිමින් පරතරය අවම කරගන්න එක වැඩිහිටි අපේ වගකීමක්." යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වත්සලා ආටිගල ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ දරුදැරියන් සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න