හතර වතාවක් අසාර්ථක වූ හොරු ඇල්ලීමක් !

හතර වතාවක් අසාර්ථක වූ හොරු ඇල්ලීමක් !

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ආණ්ඩුව පිහිටවූ ආරම්භයේදීම සිදුවිය යුතුවක් වූ බවත් නමුත් පමාවී හෝ එවැන්නක් පිහිටුවීම 2015 ජනවරම ලැබූ ජයග්‍රහණයක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික හෙළ උරුමය විසින් කොළඹදී (15) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රාජපක්ෂ රෙජීම සමයේ පැවති ජාතික මංකොල්ලය නැවත්වීමට සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වත්මන් කැබිනට් මණ්ඩලය හමුවේ හතර වතාවක් උත්සාහ කල බවත් නමුත් එය මෙවර හෝ සාර්ථකවීම සම්බන්ධව සතුටු විය හැකි කාරණයක් වන බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ රජය බලයට පත්වීමෙන් පසු රැස්වූ පළමු කැබිනට් මණ්ඩලයට අප විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට අල්ලස්, දුෂණය පිළිබඳව පැමිණිලි බාර ගෙන විශේෂ අධිකරණ පිහිටුවා කඩිනම්න් කටයුතු කරන්නැයි ඉල්ලා සිටියා. නමුත් විවිධ අයගේ මත හේතුවෙන් මෙම අල්ලස්, දුෂණයට, හොරකමට විරුද්ධ පනත යටගිය අතර ඊට විකල්පයක් වශයෙන් එෆ්.සී.අයි.ඩී එක බිහිවුණා. ඒ සඳහා චෝදනා 1700 ක් පැමිණ තිබෙන නමුත් එයත් අසාර්ථක වූ බවක් පෙනෙනවා.

ඉන් අනතුරුව මමත්, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන අමාත්‍යවරු හා සරත් පොන්සේකා මහතාත් සමඟ දෙවන වරටත් යුක්තිය පසිදලිමේ කාර්ය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියා. එයත් ඉටු වුණේ නෑ. මේ අතර සිද්ධි ගණනාවක් නිසා මේ යුක්තිය පසිඳලිමේ කාර්ය දිනෙන් දින් යට යද්දි නැවත වතාවක් අමාත්‍යවරු 17 දෙනෙකුගේ අත්සනින් නව කැබිනටි පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එය පමාවන විට සරත් පොන්සේකා මහතා විශේෂ කැබිනටි පත‍්‍රිකාවක් නැවත ඉදිරිපත් කළා. ඊට මමත් අත්සන් කළා. එය ඉදිරිපත් කළ හතරවන කැබිනටි පත‍්‍රිකාව . නමුත් එම උත්සහයත් අසාර්ථක වන විට දැන් නව මහා අධිකරණ පිහිටුවිමට ගත් උත්සාහයට අධිකරණ ඇමතිතුමියට ස්තුතිවන්න වෙන්න ඕන.

එසේම කරුණු ගණනාවක් ඔස්සේ යුක්තිය පසිඳලීමේ කාර්ය කඩිනම් කිරිම සඳහා විශේෂ ත‍්‍රී පුද්ගල මහා අධිකරණ පිහිටුවීම කඩිනමින් සිදු විය යුතු බවත් එහෙත් එහිදී අධිකරණයක් ස්වාධින වීමෙන් පමණක් පලක් නොමැති බවත් අධිකරණය අපක්‍ෂපාති, කාර්යක්‍ෂම විය යුතු බවද, අධිකරණය ලොකු කුඩා කාටත් සමාන තැනක් විය යුතු බවද අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න