හදිසි නීතිය සම්මතයි : කොරෝනා මරණ 180 යි !

හදිසි නීතිය සම්මතයි : කොරෝනා මරණ 180 යි !

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ සැඟවීම වැලැක්වීම සඳහා බව කියමින් ජනාධිපති ගේ නියෝග මත පැනවුණු හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද – 132 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද – 51ක් ලැබිණ.

විපක්ෂයේ සියලුම පක්ෂ හදිසි නීති යෝජනාවට එරෙහිව ජන්දය භාවිත කළේ, මතුව ඇති අර්බුදය විසඳීමට හදිසි නීතිය පැනවීම කිසිසේත් අවශ්‍ය කරුණක් නොවන බව අවධාරණය කරමිනි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් කරනු ලැබිණ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පවතින බව සඳහන් කරමිනුයි.

ඒ අනුව මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම, සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාම සඳහා අදාළ පියවර ගන්නා බව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කෙරිණ.

කොරෝනා මරණ 180 !

මේ අතර තවත් කොරෝනා මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ තහවුරුව යටතේ, අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනය කර ඇත.

මේ මරණ 180 ඊයේ (05) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 97 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 83 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 7 දෙනෙක් සිටිති.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 40 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 133 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ceb9eb2e 4a39 43b4 84b4 9bd89a000983

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න