විශේෂඥ වෛද්‍ය ආනන්ද 'කෝවිඩ් කමිටුවෙන්' ඉවත්වූ හේතුව ?

විශේෂඥ වෛද්‍ය ආනන්ද 'කෝවිඩ් කමිටුවෙන්' ඉවත්වූ හේතුව ?

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත.

කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී තිබේ.

විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල විය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමට පියවර ගැනිණ.

ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතයයි.

පෙර දිනයේ පවා කොවිඩ්-19 හේතුවෙන් මියගිය අති බහුතරය වයස අවුරුදු 60ට වැඩි අයයි. ඔවුන් අතරින් ද බහුතරය තවමත් එන්නත ලබාගැනීමට අවස්ථාව නොලැබුණු අයයි.

දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.

හම්බන්තොටට ෆයිසර් දීම !

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බව පැවසේ.

විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසයි.

කෙසේ වෙතත් එම උපදෙස් නොතකමින් ෆයිසර් එන්නත් 50,000 ක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහ යොමු කර ඇත.

theleader

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න