ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමේ අදිසි හස්තය කුමක්ද? - විපක්ෂ නායක සජිත්

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමේ අදිසි හස්තය කුමක්ද? - විපක්ෂ නායක සජිත්

භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු අද (02) මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් කවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බව ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට , ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම පැවසීය.

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පලියට මෙරට ආසාධිතයින් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්,කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා , වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවය.

ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින් ඒකාධිපති ගමනකට අරඅඳින මෙම හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සඟවාගෙන සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවනු ලෙසත් ඉල්ලා සිටියේය.

හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුලින්ම විරුද්ධ බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න