ගෝලිය ආර්ථික තත්ත්ව සියල්ල ඉරාන යුද්ධයත් සමග නවීකරණය වන බවත්, අපේ ආර්ථිකය ද1977න් පසු නවීකරණය වී නොමැති බැවින් එය නවීකරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front" Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මිනිස්සු හොරකම් කිරීමට පෙලඹෙන්නේ අවම වැටුපක් ලැබීම සහ භාණ්ඩ මිල අධික බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
සිංගප්පූරුවේ මේ වන විටත් දේශපාලනඥයාට ඉහළ ම වැටුප් ගෙවන්නේ එම නිසා යැයි විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

