තිරිගු පිටි මිල ඉහළ දැමීම නීති විරෝධීයි !

 තිරිගු පිටි මිල ඉහළ දැමීම නීති විරෝධීයි !

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතික බවත් වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර , තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කල අතර, එම නිවේදනය නීති විරෝධි නිවේදනයක් බව තම සංවිධානය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් එහි සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(5) වන වගන්තිය යටතේ තිරිගු පිටි සදහා මිල වැඩිකිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයක් ලබා ගතයුතුය. ඒ බව දැනුම්දෙමින් 2015 පෙබරවාරි 20 වනදා අංක 1902/55 යටතේ අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත්කොට ඇත. මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය තිරිගු පිටි මිල වැඩි කිරීම සදහා ප්‍රීමා ආයතනවයට නිසි අවසරයක් ලබා දී නොමැත. එසේ තිබියදී තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධිවේ.

එබැවින් සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීම සිදු නොකරන ලෙසයි. යම්කිසි වෙළෙන්දෙක් තිරිගුපිටි වැඩි මිලට අලෙවි කරන්නේනම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ අංක 1977 අංකයට පැමිණිලි කරන ලෙස සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මීට ඉහත අවස්ථා කිහිපයකදී උක්ත සමාගම විසින් අනීතික ලෙස තිරිගු පිටි මිල වැඩි කිරීමට කටයුතු කලද පාරිභෝගික අධිකාරියේ බලපෑම මත එම මිල වැඩි කිරීම අවලංගු කරන ලදී. එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියද තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය.

තිරිගුපිටි කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00 කි

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න