චන්ද්‍රිකාගෙන් මංගලට සුව පැතුමක් !

චන්ද්‍රිකාගෙන් මංගලට සුව පැතුමක් !

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොවිඩ් ආසාදිතව දැඩිසත්කාර ඒකකයේ සුව අතට හැරෙමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හට සුව ප්‍රාර්ථනා කරමින්, ඔහු මත දේශපාලනිකව පැටවී ඇති ඉටුකළ යුතුව ඇති වගකීම් වගවීම් සිහිපත් කරමින් සටහනක් තබා ඇත…..

කිසිදා විපතේදී හැර නොයන කල්‍යාණ මිත්‍ර මංගලට සුව පතා තැබූ එම සටහන පහතින් !

ආදරණීය මංගල, මේ වන විට අප රටේ විශාල ජන පිරිසක් ගොදුරු වී සිටින කෝවිඩ් වසංගතයෙන් ඔබ ද පීඩාවට පත්ව සිටිනු දැකීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් දිනෙන් දින ඔබ සුව අතට පත්වනු අසන්නට ලැබීමෙන් මහත් සහනයක් ලබමි. ඔබ අතිශය විශ්වාසදායී, ප්‍රතිපත්තිගරුක දේශපාලන සගයෙකු මෙන්ම, විපතේ දී හැර නොගිය කල්‍යාණ මිත්‍රයෙකු ද වන්නේ ය.

මංගල, ආදරණීය මාතෘභූමියෙහි උත්තර සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔබ අප දකින සිහිනය සැබෑ කරගැනීමේ අනුල්ලංඝනීය වගකීමෙන් ඔබ බැඳී සිටින බව මම දනිමි.

අවංක, ප්‍රතිපත්තිගරුක මිනිසුන් වඩ වඩා අවැසි යුගයක, අප ආදරණීය ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට දායක වීමට ඔබ සුවපත් වී නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු.

එතෙක් අපි ඔබට සෙත් පතන්නෙමු. ඔබට බුදු සරණයි!

(සුමුදු මද්දුමආරච්චි)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න