බරපතල ඖෂධ හිඟය මැද ජීවිත සමග ආණ්ඩුව සිදු කරන සෙල්ලම වහා නවතන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.
ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ TOCILIZUMAD කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී ලබාදෙන ඖෂධ හිඟයක් ඇති බවය.
නැවතත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන අතර කොරෝනා සහ නිව්මෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව ය.
උද්ගතව ඇති ඖෂධ හිඟය පිළිබඳව විපක්ෂය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළත් එම ප්‍රයත්නන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණේ උපහාස, අපහාස සහ නොසලකා හැරීම පමණක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ වගකීම් විරහිත බව හේතුවෙන් රටට අහිමි වන ජීවිත පිළිබඳව බලා සිටිය නොහැකි බවය.
ආණ්ඩුවේ වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට භාර දී ඇති විට එහි ප්‍රතිඵලය වන්නේ, කෙරෝනා වසංගතය හමුවේ ඉහළින්ම සිටින අවධානම් සහගත රට අප රට වීම විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

කොවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් - මව්බිම
මේ අතර මව්බිම පුවත්පතද මෙවැනිම අනාවරණයක් සිදුකර ඇත. ඒ අද අගෝස්තු 19 , ප්‍රධාන පුවත හරහායි. එහි සිරස්තලය දැක්වුණේ "කොවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක්" ලෙසිනි. එහි උප සිරස්තලයත් අතිශය භයානක තත්ත්වයක් අනාවරණය කර තිබුනේ, " හෘද , වකුගඩු රෝග හා ප්‍රතිජීවක ඇතුළු තවත් ඖෂධ වර්ග 40ක් නෑ" යනුවෙනි.
අදාළ පුවත මෙසේය.
මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා TOCILIZUMAD නම් එන්නත රජයේ රෝහල්වල හිඟ වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි වාර්තාවේ. එම එන්නත සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලද අතිශය අසීරුතාවට පත්ව සිටී. එම එන්නත රජයේ කිසිදු රෝහලක සොයා ගැනීමට නොහැකි බවට තොරතුරු වාර්තා වන අතර පෞද්ගලික අංශය තුළදී පවා එම එන්නත් මිලදී ගැනීම අතිශය දුෂ්කර කාර්යක් වී තිබේ.
එම එන්නත මෙන්ම මෙරට ප්‍රධාන රෝහල්වල හෘද රෝගීන්ට හා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලෙස ලබා දෙන තවත් ඔෟෂධ වර්ග 40කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවටද තොරතුරු වාර්තාවේ. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඊර්ණීඛ්ධ්ඹ්ධ්ඛඋර්ඒච් නම් එන්නතේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව අනුව එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර සමහර රෝගීන්ට එම එන්නතේ මාත්‍රා 2ක් හෝ 3ක් පවා ලබා දීමට සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. එම එන්නතේ හිඟතාව හේතුවෙන් කොවිඩ් නිව්මෝනියාවට පත්වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති අවකාශය තවදුරටත් සීමා වීම අතිශය ගැටලුකාරියග.
මෙසේ අත්‍යාවශ්‍ය ඔෟෂධ වර්ග 40ක ප්‍රමාණයක් ගෙන්වීමට අදාළ ටෙන්ඩර් අනුමැතිය පවා හිමි වී ඇති බවද වාර්තාවේ. එම ඔෟෂධ ඇනවුම් කර ඇති බවත් අදාළ ණයවර ලිපි පවා විවෘත කර ඇතත් තවමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් කර ගත නොහැකි බවත් පැවැසේ. අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඔෟෂධ නොමැතිකමින් රෝගී ජීවිත පිළිබඳව අවිනිශ්චිත බවක් නිතැතින්ම ඇතිවේ. මෙවන් වසංගත සමයක එය අතිශය බරපතළ තත්ත්වයක් උදා කරන බවට නොරහසකි.
මේ අදාළ ටෙන්ඩර් ලිපි සඳහා ණයවර ලිපි භාරදීම සිදු කරනුයේද රාජ්‍ය ඔෟෂධ සංස්ථා සභාපතිගේ ප්‍රධානත්වයකින් යුත් කමිටුවක් මඟින් බවට හෙළිවේ. අංශ ප්‍රධානීන් හෝ ප්‍රධාන කළමනාකරුවන් ආදී එම සංස්ථාවේ ප්‍රධාන තනතුරුවල පිරිස් සිටියද එම ණයවර ලිපි විවෘත කිරීම කෙරෙනුයේ එම සංස්ථාවේ සභාපති කේන්ද්‍ර කොට ගනිමිනි
මේ සම්බන්ධයෙන් අප ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ මේ වන විට රජයේ ප්‍රධාන රෝහල්වල ඔෟෂධ 40කට ආසන්න සංඛ්‍යාවක් නොව එයටත් වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.
රජයේ රෝහල්වල නැති ඔෟෂධ වර්ග 40 මෙසේය.
Clindamycin phosphate Inj.300mg/2ml
Chloramphenicol Capsule 250mg
Chloramphenicol Inj.500mg
Norfloxacin Tablet 400mg
Itraconazole Caps 100mg
Sodium Nitroprusside Injection 50mg
Sodium Nitroprusside Injection
Phenoxybenzamine HCI Injection 100mg/2ml
Ephedrine Injection 30mg/1ml
Oxybutynine Hydrocloride Tablets 5mg
Lorazepam Injection 4mg in 1ml
Chloral Hydrate Oral Solution 500mg/5ml in 200ml bottle
Zuclopenthixol Inj.200mg/ml
Paracetamol Suppository 500mg
Melatonin Tablet 2mg
Alprazolam Tablet 0.5mg
Aripiprazole Tablet 10mg
Midazolam Nasal Spary 0.5mg/md,50 dose
Thiamine Tablet 100mg
Phytomenadione Tablets 5mg
Phosphate Tablet 500mg
Cholecalciferol Capsule/Tablet 1000 IU
Total Parenteral Nutrition in 500ml-1,500ml Collapsible Bag
Montelukast Sodium Tablets 10mg
Pneumococcal Vaccine single dose vial
Propylthiouracil Tablet 50mg
Testosterone Undecanoate Injection 250mg/1ml,4ml
White Soft Paraffin
Cytarabine Injection 100mg/5ml vial
Folinic Acid Tablet 15mg
Asparaginase 10,000 Unit Injection
Procarbazine Capsule 50mg
Azathioprine Tablet 50mg
Tacrolimus Capsule 0.5mg
Tamsulosin Capsule 0.4mg
Allopurinol Tablet 100mg
Atracurium Besylate Injection 25mg/2.5ml
Lidocaine Spray 10%, 50ml bottle
Methionine Tablet 500mg
Pralidoxime Chloride Injection 1g/20ml
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
