නව මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න !

නව මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න !

පසුගිය ජූලි 09 වෙනි දින ආණ්ඩුව ඉදිරිපත් කරන ලද මුදල් පනතේ 17 වෙනි වගන්තිය මුලුමනින්ම සහ තවත් වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස ජූලි 08 වෙනි දින පත්කරන ලද අතර “මුදල්” යනුවෙන් පමණක් සඳහන් කරමින් නව වෙනි දින මෙම සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබිණි.

එයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගත හොත් කලු සල්ලි සුදු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ලංකාව පත්වන බව මූල්‍ය විශේෂඥයින් විසින් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මෙම කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් මූලික පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාග කර පනතේ වගන්ති අංක 4(1), 5(1), 5(2), 5(3), 5(4), 5(5), 6(1), 7(1), 12(B), 13(1), 14, 20 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ 17 වෙනි වගන්තිය මුලුමනින්ම පටහැනි බව දක්වා තිබේ.

(lanka truth )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න