රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමා සම්බන්ධයෙන් ලබා දී ඇති අවසන් නිර්දේශ බල රහිත කරන රීට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ  අභියාචනාධිකරණයට (02) පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

එම කොමිසමේ වාර්තාවෙහි 17-21 පිටු වල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  කියා සිටින්නේ එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මෙම කොමිසම විසින් සාක්ෂි දීම සදහා තමන් ට කැදවීම් කළ අතර ඒ අනුව 2020වසරේ සැප්තැම්බර් 04දින එහි පෙනී සිටි බවත් ,විත්තිකරු වකු ලෙස නොව සාක්ෂි කරුවකු ලෙස තමන් ට සලකන බව එම කොමිසම දැනුම් දීම නිසා තමන් ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ එම කොමිසමෙ හි වාර්තාව ට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බව පෙත්සමෙහි සදහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න