දරුවන් කොවිඩ් අවදානමේ : අසාදිත දරුවන් 80ක් ළමා රෝහලේ

දරුවන් කොවිඩ් අවදානමේ : අසාදිත දරුවන් 80ක් ළමා රෝහලේ

කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  පවසයි.

රිජ්වේ ළමා රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ කොවිඩ් ආසාදනයවූ දරුවන් තිස් දෙනකු පමණකැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

දරුවන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මවුපියන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවද කීවේය.

දරුවන් එන්නත්කරණයට ලක් නොවන පිරිසක් හෙයින් කොවිඩ් වැළඳීමෙන් ඒ අයට බරපතළ සංකූලතා මතුවිය හැකි බවත් කොවිඩ් වැළඳෙන දරුවන් අතරේ බහු ඉන්ද්‍රිය ආසාදනය නමැතිරෝගයක්ද මේ දිනවල පැතිර යමින් තිබෙන බවත් දීපාල් පෙරේරා  ප්‍රකාශ කළේ‍ය .

දරුවන්ටද කොවිඩ් වැළඳීම වැඩිවන ප්‍රවණතාවයක් මතුවී ඇත්තේ විශේෂයෙන්ම මේ දිනවල පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය නිසා විය හැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.

දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් බාහිර සමාජයේ සිට වයිරසය නිවෙසට ගෙන නොඒමට වග බලා ගත යුතු බවද දරුවන් බාහිර සමාජය සමඟ මුහුවීමද හැකිතාක් දුරට වළක්වා ගත යුතු බවත් හෙතෙම පැවසුවේය.

කොවිඩ් ආසාදනය වූ දරුවන් දස දෙනෙකු පමණ මේ වනවිට මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  ප්‍රකාශ කළේය.

lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න