හිතවත් සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙත,
ACPOSL සහ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) එක්ව සංවිධානය කරන බුද්ධිමය දේපළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
මෙය සෑම ගායකයෙකුට ම, වාදන ශිල්පියෙකුට ම, සංගීත නිර්මාණකරුවකුට ම, සංගීත නිෂ්පාදකයකුට ම අතිශයින් වැදගත් වැඩසටහනකි. මෙම වැඩසටහන තුළින් ඔබගේ නිර්මාණ අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා වන ආකාරය, ඒවාට හිමි වන ප්‍රතිලාභ සහ රාජ්‍ය නීතිය යටතේ හිමිකම් ගාස්තු (Royalties) එකතු කිරීම සහ බෙදාහැරීම පිළිබඳ වැදගත් කරුණු පැහැදිලි කරනු ඇත.
ඔබ ප්‍රවීණ කලාකරුවකු වුව ද, නවක කලාකරුවකු වුව ද, ඔබ ගේ අනාගතය සහ ඔබ ගේ නිර්මාණාත්මක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දැනුම ඉතා වටින්නේය.
දිනය: 2026 අගෝස්තු 4 වන අඟහරුවාදා
වේලාව: පස්වරු 2.00
ස්ථානය: නවලෝක ශ්‍රවණාගාරය, අංක 115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02.
මෙම වටිනා වැඩසටහනට සෑම සංගීත ශිල්පියකු ම සහභාගී වන ලෙස අපි ගෞරවයෙන් ආරාධනා කරමු. ඔබගේ සහභාගීත්වය තුළින් අපගේ සංගීත ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් වන අතර, සෑම කලාකරුවකු ම තමන් ගේ අයිතිවාසිකම් පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇත.
අප ගේ නිර්මාණ, අප ගේ අයිතිවාසිකම් සහ අප ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා එකමුතුව ඉදිරියට යමු.
ඔබගේ වටිනා සහභාගීත්වය බලාපොරොත්තු වෙමු - ස්තූතී. - රංග දසනායක ACPOSL
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
