කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී මහජනතාව වෙනුවෙන් වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉෂිනි වික්‍රමසිංහ නිවේදනය කරයි.
මේ අනුව එළඹෙන 26 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය පෙ.ව 9.00 සිට 5.00 දක්වා ද රිදියගම සෆාරි උද්‍යානය පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා විවෘත කිරීමට තීරණය කර ඇත.
පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය පසුගිය 17 වනදා සිට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා විවෘතව ඇත.

සබැදි පුවත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
