ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනෙකු කොවිඩ් වැළඳීමෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බවත්, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, චිත්‍රමාලි ද සිල්වා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය.
ගර්භණි මව්රුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීමට ඇති හැකියාව සොයා බලන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා ය.
ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණක්ය බවත් ඇය පැවසුවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
