මර්දනයට එරෙහි වර්ජනය දැඩි වෙයි : කොතලාවල පනතට එරෙහි සටන අදත්

මර්දනයට එරෙහි වර්ජනය දැඩි වෙයි : කොතලාවල පනතට එරෙහි සටන අදත්

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා තවදුටත් ක්‍රියාත්මක වේ.

නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති නමුත් දිනපතා රටපුරා විවිධ ස්ථානවල විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය වෙමින් තිබේ.

කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (12) පස්වරුවේ පැවැත්විණි.

මේ අතර,  මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙන ගුරු වෘත්තීය සමිති නායකයින් නිදහස් කිරීම, අධ්‍යාපන ගැටලු සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීම, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදුව ඇතුළු කරුණු මුල් කරගෙන ගුරු සහ විදුහල්පතිවරු අද සිට (12) ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය විසදුම් ලැබෙන තුරු තව දුරටත් ක්‍රියාත්මක බව එම වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  පවසයි.

මෙම වර්ජනය නිසා රට පුරා සියලු මාර්ගගත ඉගැන්වීම් නැවතී ඇති බවත් කොළඹ ඇතුලු සියලුම ප්‍රධාන පෙළේ පාසල් හා උතුරු නැගෙනහිර ඇතුලු සියලුම ප්‍රදේශවල මාර්ගගත ඉගැන්වීම් මේ වන විට මුලුමනින්ම නතර කර ඇති බවද ආණ්ඩුව තවදුරටත් ඇහුම්කන් නොදී මර්දනකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් මෙම වර්ජනය දියත් කර ඇති බවත් ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය.

{gallery}guru-pikat{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න