පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට උපදෙස්

පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට උපදෙස්

2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය සියයට හැත්තෑවක් දක්වා වර්ධනය කිරීම සදහා අදාල ව්‍යාපෘති කඩිනම් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක  නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

වසර හතක් වැනි කාලසීමාවක බලශක්ති ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යටතේ මෙගාවොට් 550 කට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම හා පද්ධතියට එක් කිරීම සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටු නිර්දේශවලට පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමි විය.

මහවැලි අධිකාරිය සතුව ඇති හෙක්ටාර තිස්දහසක පමණ ජලාශ මතුපිට වපසරියෙන් සියයට විසිපහක ප්‍රතිශතයක සූර්යබලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත විදුලිබල අමාත්‍යාංශයට හා සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ද මහවැලි අධිකාරිය කටයුතු කර ඇත.

විවිධ හේතු මත ප්‍රමාද වී ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් එම ඉලක්කයට ළගාවීමේ අවශ්‍යතාවද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න