පොලිසියේ බලහත්කාරී ක්‍රියාවට : වෛද්‍ය සංගම් විරෝධය !

පොලිසියේ බලහත්කාරී ක්‍රියාවට : වෛද්‍ය සංගම් විරෝධය !

පොලීසිය විසින් දඬුවම් ලෙස විවිධ පුද්ගලයන් නීති විරෝධී සහ බලහත්කාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරනු ලැබීම ගැටළු සහගත බව සඳහන් කරමින් වෛද්‍ය සංගම් පවා ඊට විරෝධය දැක්වීම අරඹා තිබේ.

මේ බව සඳහන් කරමින් පොලිපති වෙත ලිපියක් යොමුකිරීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර ඇත.

පසුගිය දිනයකදී ද උද්ඝෝෂකයින් පිරිසක් නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව විරෝධය පල කරණ අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් මින් ඉදිරියට #නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිනව බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.

පොලිස්පතිතුමනි,

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී, බලහත්කාරී= ලෙස දඬුවමක් ලෙස #නිරෝධායනය කිරීම සම්බන්ධව.

#කොවිඩ් වසංගතය පාලනයට අදාලව #නිරෝධායනය යනු සෞඛ්‍යය නිර්දේශ මත සිදුකළ යුතු වසංගත මර්ධන ක්‍රියාවලියකි. #නිරෝධායනය පිළිබඳව බලතල පැවරී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ය.

පුද්ගලයන් #නිරෝධායනය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් 2020. 11. 16 දිනට EPID/400/2019/n-CoV/Guidelines අංක දරණ චක්‍රලේඛයේ පැහැදිලිව උපදෙස් ලබා දී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ #නිරෝධායනය පිළිබඳව මාර්ගෝපදේශ අනුව ද ඉහත චක්‍රලේඛය අනුව ද කිසියම් පුද්ගලයෙකු #නිරෝධායනට ලක් කල හැකි අවස්ථා දෙකක් ඇත.

  1. #කොවිඩ් ආසාධිතයෙකු ගේ ආශ්‍රීතයෙකු වීම,

  2. #කොවිඩ් වසංගතය සමාජය ව්‍යාප්තිය දක්වා පැතිරුණු රටකින්/ ප්‍රදේශයකින් රට තුළට/ එසේ නොවන ප්‍රදේශයකට ඇතුළු වීම.

ඉහත කාරණා වලට අදාල පුද්ගලයන් නිරෝධායන කිරීමේ බලතල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය අංශ වෙත පවරා ඇත.

නමුත් පසුගිය කාලය පුරාම පොලීසිය විසින් දඬුවම් ලෙස විවිධ පුද්ගලයන් නීති විරෝධී සහ බලහත්කාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරනු ලැබීම ගැටළු සහගතය. පසුගිය දිනයකදී ද උද්ඝෝෂකයින් පිරිසක් ඒ ආකාරයට නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව අප සංගමයේ විරෝධය පල කරණ අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් මින් ඉදිරියට #නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, වෛද්‍ය ජයන්ත

බණ්ඩාර ලේකම්,

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න