'පොලීසිය කලහකරුවන්ට සහයදිලා' - නුවර ගැටුමේ රහසක් හෙලිවේ (වීඩියෝ)

'පොලීසිය කලහකරුවන්ට සහයදිලා' - නුවර ගැටුමේ රහසක් හෙලිවේ (වීඩියෝ)

පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

පොලීසිය එම ප්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්ඡාවකදීය.

මහසොහොන් බලකාය නම් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ දිගන ප්‍රදේශයේ නිසා මේ ආකාරයේ ප්‍රශ්න ඇති වේ යයි තමන්ට සැක සිතුනු නිසා විශේෂ ආරක්‍ෂාවක් දෙන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම් වලින් සිදුව ඇති හානි පූර්ණය හා ඉදිරි කටයුතු සම්බන්දයෙන් මෙම සාකච්ඡාව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට දේශපාලඥයන් මෙන්ම ප්‍රදේශයේ පිරිස්ද එක්ව සිටියහ.

කෙසේවුවද මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පොලිසියේ කිහිප දෙනෙකු මෙම කලහකාරීන්ට සහය දක්වා ඇතත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව චෝදනා කල නොහැකි බව පැවසිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න