ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් මැතිව් යසිරු කුරුවිටගේ හෙට (009) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වූයේ යයි අසත්‍ය පුවතක් වාර්තා කළේ යැයි කියමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ සැකකරු විසින් සිදු කරන ලද එම ප්‍රචාරය හේතුවෙන් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයට අගතිදායක ලෙස බලපාන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
