විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදී තිබේ. මෙය සිදුවූවේ ඊයේට (08) යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීවයි.
මේ අනුව විවෘත අධිකරණවල පෙනී සිටින කාන්තාවන් මීට පෙර ඇඳි සාරියට අමතරව කමිසය සහ කලිසමකින් සැරසී කළු කබාය දැමීමට අවස්ථාව හිමි වේ.
යටතේ සහ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව මෙම කටයුත්ත සිදුව ඇත.
මෙම නව ඇඳුම සංකේතවත් කරමින් එම නව ඇඳුම පැළඳ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනී ජේෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය සහ එම සංගමයේ ලේකම් නීතිඥ රුචිරා ගුණසේකර මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙනී සිට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
