සමාජ ජාලා අවහිරයට එරෙහිව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

සමාජ ජාලා අවහිරයට එරෙහිව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

සමාජ ජාල අවහිර කිරීම හේතුවෙන් ආණ්ඩුක්රකම ව්‍යවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය උල්ලංඝණය කර ඇති බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්ති ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකිවුව ද එසේ එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නැති බැවින් ව්‍යවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය උල්ලංඝණය වීමට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස රංජිත් විතානගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිට තිබේ .

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරැවන් ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් නම් කර තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපතිවරයා පෙන්වා දෙන පරිදි තොරතුරු ලබාගැනීම සදහා සහ අදහස් ප්‍රකාශ කිරීම සදහා ඔහු විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරනු ලබයි. වගඋත්තරකරුවන් විසින් සමාජජාලා මාධ්‍ය සීමා කිරීම හේතුවෙන් ඔහු හට මුහුණු පොතට පිවිසීම, viber, whatsapp යන ආදියට පිවිසීමට නොහැකිව ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න