කණු මත ඉදිවෙමින් තිබූ අධිවේගයත් චීනට !

කණු මත ඉදිවෙමින් තිබූ අධිවේගයත් චීනට !
යහපාලන රජය විසින් 2019 දී ඉදිකිරීම් ආරම්භ කළ කණු මත දිවෙන අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු හා වසර 15ක පාලනය චයිනා හාබර් සමාගම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
 
ආණ්ඩුවේ අදාළ තීරණය මේ වන විට බරපතළ ලෙස විවේචනය වන තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒ   මෙම ඉදිකිරීම් චයිනා හාබර් සමාගමට ලබා දීම ගැටලු සහගත බව පවසමිනි. විශේෂයෙන් මේ හරහා ඔවුන්ට ලබා දෙන අමතර ඉඩම් ප්‍රමාණයන් හෝ රජයේ මූල්‍ය පහසුකම් පිළිබඳව සඳහන් කර නොතිබීමද ගැටලුවක් බව එම පාර්ශ්ව මතුකරයි.
 
වසර 3ක ඉදිකිරීම් කටයුතුවලට අමතරව අධිවේගී මාර්ගයෙන් ආදායම් උපයා ගැනීම වෙනුවෙන් තවත් වසර 15ක අයිතියක්ද චයිනා හාබර් සමාගමට පවරා දී තිබීම හේතුවෙන් මාර්ගය ඉදිකිරීමේ යහපාලන රජයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
 
 
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත 2019 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2 ක ආයෝජනයක් සිදු කිරීමට එවක රජය කටයුතු කරන ලදී. 
 
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඊට ඩොලර් මිලියන 300ක දායකත්වයක් ලබා ගැනීමට යහපාලන රජය කටයුතු කරන ලදී
 
යහපාලන රජය විසින් මෙම මාර්ගය ඉදිකරනු ලැබුවේ 100%ක් රජය සතු ව්‍යාපෘතියක් ලෙස වුවත් එම ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු මේ ආකාරයට  චයිනා හාබර් සමාගම වෙත ලබා දීමට කැබිනට් තීන්දුව ගෙන ඇත.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න