සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති , හිටපු කතානායක කරු ජයසූරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොවිඩ් එන්නත් මාත්‍රා විශාල තොගයක් ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ජනතාව අද වනවිට කොවිඩ් රෝගය හේතුවෙන් මුහුණ දෙමින් සිටින තත්වය සළකා බලා ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු පිණිස කොවිඩ් එන්නත් ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ ස්විස්ටර්ලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල්වලිනි.
එයට වහාම ප්‍රතිචාර දක්වා ඇති එම රටවල් අදාළ එන්නත් තොග ඉතාම ඉක්මණින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවට මේ වනවිටත් සහතික වී තිබේ.
එම කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සම්බන්ධීකරණය කරනු ඇති අතර එම එන්නත් තොග කොවැක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට සැළසුම් කර තිබේ.
ලැබෙන වාර්තාවන්ට අනුව මේ යටතේ ජර්මනියෙන් පමණක් ප්‍රදානය කෙරෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 06 ක පමණ වනු ඇතැයි සැළකේ. ස්විස්ටර්ලන්තය හා ප්‍රංශය යන රටවල් ලබා දීමට නියමිත එන්නත් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් නිවේදනය කර නැතත් ඒවායේ එකතුවද සමඟ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා ප්‍රමාණය සැලකිය යුතු විශාල අගයක් ගනු ඇතැයි සැලකේ.

