සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් සෞඛ්‍ය ක්ෂේත්රය වෙත පැනවූ මාධ්‍ය වාරණය සම්බන්ධව එහි වෘත්තීය සමිති දැඩි විරෝධයක් දක්වා සිටියි.
මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියේ ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාළනය කරන්න බැහැ. සෞඛ්‍ය ලේකම් තුමා කොරෝනා ඉවර වෙනකංවත් අනුන්ගේ ලණු කාලා, අපිව කොනිත්තන්නේ නැතුව ඉන්නවානම් තමා හොද .." යනුවෙනි.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පනවලා කොරෝනා වසංගතයේ සැබෑව සහ පාළණයේ අඩුපාඩු සැගවීමට උත්සාහ දරමින් සිටිනවා. අනේකවිධ ගැටළු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ වුවමණාවන් ගැන සලසා දීම වෙණුවට, අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සදහා සාක්ච්චාවක් පවා සිදු නොකර, මෙවන් තහංචි පැනවීම මගෙන් සේවාවේ බරපතල අතෘප්තිකර තත්වයක් ගොඩ නැගීම නොවැළැක්විය හැක.
මෙතෙක් කිනම් අඩුපාඩු මධ්‍යයේ වුවද සිය වගකීම නොපිරිහෙලා ඉටු කරමින් සිටින සෞඛ්‍ය කාර්යමණඩල, පරිපාළණය සමග කෙතරම් ගැටළු පැවතියද, වරජන තරජනයක් පවා සිදු නොකොට සේවය සැපයීම "දරමිටිවලට බැඳීමට" හේතුවක් කරගතහොත්, ඉදිරියෙදී සියල්ල පසෙකලා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදු වන බවද අවධාරණය කරමු.
අතිශය විශාල වරප්‍රසාද රැසක් ලබමින් මහජන බදු මුදලින් යැපෙන සෞඛ්‍ය පරිපාළණ වැරදි පෙනවා දීම මහජනතාවගේ අයිතියක් බවත්, ඊට නිලධාරීන් වගවියයුතු බවත් අප අවධාරණය කරන අතර, නිවැරදිව වැඩ කරන නිලධාරීන් කිසිසේත්ම ඊට බිය නොවන බවත් පෙන්වා දෙමු.

