රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකු වූ චමිල ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරමින් මංජුල ගජනායක විසින් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.
ඊට අනූව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සිංහරාජය සම්බන්ධව දැමූ පෝස්ට් එකකි.
"මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ ද අත්අඩංගුවේය !!" යන ශීර්ෂයෙන් යුතු එම ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
අප අනාවැකි පළකළ සේම මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ මෙදින දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස ඔහු කඩිනමින් රැගෙන යෑමේ හේතුව කුමක්දැයි අපි කිසිවෙක් නොදන්නෙමු.
ඔහුගේ බිරිඳට දන්වා ඇති හේතුව නම් මාස කිහිපයකට පෙර මුහුණු පොතෙහි සිංහරාජය පිලිබඳ ප්‍රසිද්ධ අවකාශයේ හුවමාරු කරන ලද පෝස්ටුවකි.
අප මේ කොදෙව්වේ නිරතුරුව අත්දකින මහජන දේපොළ සොරාකෑමක් හෝ තම රැකියාව මතින් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අශිෂ්ඨ පිළිවෙත ඔහු කිසිවිටෙකත් අනුගමනය නොකරන ලද අතර සමාජයට පීඩාකාරී බලවතුන් ඉමහත් සේ පෙරැත්ත කලද කිසිදා දුගතිය හා අගතිය වෙනුවෙන් තම තනතුර පාවා දීමට ද ඔහු කිසිදු විටෙක ඉදිරිපත් නොවිණි.
නිදහස් හා සාධාරණ සමාජයක් පතන විමුක්තිකාමී ජනයාගේ ආශීර්වාදය චමිල සොයුරා වෙත නොමඳව ලැබේවා !!
මංජුල ගජනායක

