එජාපයෙන් පට්ටම් අරගෙන පැන්නද : පක්ෂ තීන්දුව අභියාචනාධිකරණය අනුමත කරලා !

එජාපයෙන්  පට්ටම් අරගෙන පැන්නද : පක්ෂ තීන්දුව අභියාචනාධිකරණය අනුමත කරලා !

එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා නියෝජිතයින් බවට පත්ව පසුව වෙනත් පක්ෂවලට එක්වූවන් එජාප  ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමට අදාළව පක්ෂයෙන් ගනුලැබූ තීන්දු  අභියාචනාධිකරණය අනුමත කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර ඒ "එක්සත් ජාතික පක්ෂය  අභියාචනාධිකරණ තීන්දුව පිළිගනී" යන ශීර්ෂයෙන් යුතුවය. මේ නිවේදනය සඳහන් කරන්නේ " අදාළ  සාමාජිකයින් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණය සහ අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් ඔවුන් තෝරා පත් කර ගත් තනතුරුවලින් ඉවත් කිරීම පෙත්සම් නිශ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය  පිළිගෙන ඇති බවය. මේ සම්බන්ධව එජාපය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිටියදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන ඕනෑම සාමාජිකයෙකු ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව  අභියාචනාධිකරණය දුන් තීන්දුව එක්සත් ජාතික පක්ෂය පිළිගනී. එක්සත් ජාතික පක්ෂ  ව්‍යවස්ථාව යටතේ,  පක්ෂ  අපෙක්ෂකත්වය  යටතේ තේරී පත් වූ සාමාජිකයින් පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව එම වරම ඉටු කළ යුතුය.  ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කිරීමෙන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය  කිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කල  ඔවුන් අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනු කරන ලදී.  මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කර ඇති අතර, මෙම සාමාජිකයින් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණය සහ අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් ඔවුන් තෝරා පත් කර ගත් තනතුරුවලින් ඉවත් කිරීම පිළිගෙන තිබේ.  එබැවින්  එක්සත් ජාතික පක්ෂය යටතේ  තේරී පත් වූ සියලුම සාමාජිකයින් පක්ෂයේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරයි.

එක්සත් ජාතික පක්ෂය  යළිත් වරක් ආරාධනා කර ඇත්තේ අතීතයේ අයාලේ ගිය සාමාජිකයින්ට නැවත පක්ෂ තලයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ අනාගත ප්‍රයත්නයන් සඳහා සහාය වන ලෙස ය. 

එක්සත්  ජාතික පක්ෂය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න