හොකී යළි උණුසුම් වෙයි : ක්‍රීඩාවේ ප්‍රවීණයන් රෝහණ සමග එක්වෙයි !

හොකී යළි උණුසුම් වෙයි : ක්‍රීඩාවේ ප්‍රවීණයන් රෝහණ සමග එක්වෙයි !

මෙතෙක් අර්බුදයට ගොස් තිබූ හොකී ක්‍රීඩාව නැවත නංවාලීමේ අපේක්ෂාව ඇතිව ක්‍රීඩාවේ උන්නතියට කැපවූ පාර්ශ්වයක් එළැඹෙන හොකී නිලවරණය අවස්ථාවේ තෝරාපත් කරගත යුතුව ඇති බව ක්‍රීඩාවේ ප්‍රවීණයන් පවසයි.

එහිදී ඔවුන් සඳහන් කරන්නේ හොකී සංගමයේ නිලතලවලට ඇළුම්කරන්නන් නොව ක්‍රීඩාවට සැබෑ ආදරයක්, ඒ ගැන කැක්කුමක් ඇති පාර්ශව මේ මොහොතේ ජාතික හොකී  නිලතල සඳහා තෝරාගන්නට කටයුතු කිරීම අනෙකුත් සංගම්වල යුතුකම සහ වගකීම වන බවයි.

එසේම තෙවන පෙළවත් හරියට ක්‍රීඩා කර නොමැති උදවිය,  ජාතික හොකී සංගමයේ ඉහළ තනතුරු සඳහා ඉදිරිපත් ව ඇති බවත් ක්‍රීඩාව නැංවීමට ඔවුන් ඇති හැකියාව ගැන කිසිසේත් විශ්වාසයක් නොමැති බවත් හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයකු සඳහන් කර සිටියේ ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් එළැඹෙන නිලවරණය තීරණාත්මක වන බවත් එහිදී සෘජුව අදහස් බෙදාහදා ගනිමින් සුදුසුම කණ්ඩායම අතට හොකී පරිපාලනය ලබාදීම අවශ්‍ය බවය.

"අපි හොකී ක්‍රීඩාවෙන් දෙයක් අරගෙන ගෙදර ගියා නම් ඒ ජයග්‍රහණය සඳහා ලැබෙන මෙඩ්ල් එකක් විතරයි. දැන් අපි නිල වශයෙන් ක්‍රීඩා කරලා  ඉවරයි .. නමුත් ක්‍රීඩාව ඇඟේ තිබෙනවා. ක්‍රීඩාව වෙනුවෙන් තියෙන ආදරය එහෙම්ම තිබෙනවා. හොකී ලංකාවේ තවත් ජනප්‍රිය වෙලා,  ජාත්‍යන්තරය තුළ ඉස්සරහට යන්න , රටට කීර්තියක් ලැබෙන තැනට පත්වෙන්න ඕන. ඒක පරිපාලන කටයුත්තක්.  ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න අවශ්‍යයි. ක්‍රීඩකයන් පාසල් මට්ටමේ සිට එකතු කරන්න වැඩපිළිවෙළක් ඕන. ඒක ශෝට් ටර්ම්, ලෝන් ටර්ම් වෙන්න ඕන. ඇත්තටම මම කියන්නේ සාර්ථක වැඩපිළිවෙළක් මේ පාර ඉදිරිපත් කරලා තියෙන්නේ රෝහණ දිසානායක කණ්ඩායම. ඒ වගේම හොඳ බ්ලෙන්ඩ් එකක් ඔවුන්ගේ දකින්න තිබෙනවා."

මෙහිදී එම ක්‍රීඩකයා තමන් අතට පත්ව ඇති "රෝහණ පාර්සශවයේ" වැඩපිළිවෙළ  අප වෙතද ඉදිරිපත් කර සඳහන් කර සිටියේ , මම සහය දෙන්නේ මේ වැඩපිළිවෙළට.  ඉස්සරහට මොනවද කරන්නේ කියලා ඇහුවාම දෙපැත්ත බලලා හරියට දෙයක් කියන බැරි අය ගැන මම නම් විශ්වාසයක් තියෙන්නේ නෑ" යනුවෙනි.

අප වෙත යොමුකර ඇති " රෝහණ දිසානායක " පාර්ශ්වයේ වැඩපිළිවෙළ පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න